கொரோனா சிகிச்சை நிலையமாக காத்தான்குடி வைத்தியசாலை மாற்றப்பட்டமைக்கு எதிரான போராட்டங்கள் ஆதாரமற்றவை: ஆளுநர்

கொரோனா சிகிச்சை நிலையமாக காத்தான்குடி வைத்தியசாலை மாற்றப்பட்டமைக்கு எதிரான போராட்டங்கள் ஆதாரமற்றவை: ஆளுநர்

கொரோனா வைரஸ் நோயாளிகளுக்கு சிகிச்சையளிக்க காத்தான்குடி தள வைத்தியசாலையை பயன்படுத்துவதற்கு எதிரான போராட்டங்கள் ஆதாரமற்றவை என கிழக்கு மாகாண ஆளுநர் அனுரதா யஹம்பத் தெரிவித்தார்.

வசதிகள் மேம்படுத்தப்படாத நிலையில் காத்தான்குடி தள வைத்தியசாலை கொரோனா வைரஸ் நோயாளிகளுக்கு சிகிச்சையளிக்கும் நிலையமாக மாற்றப்பட்டமைக்கு எதிர்ப்பு தெரிவிப்பதாக காத்தான்குடி நகர சபை தவிசாளர் எஸ்.எச்.எம்.அஸ்பர் நேற்று (21) செவ்வாய்க்கிழமை குறிப்பிட்டார்.

இந்த நிலையில் குறித்த விவகாரம் தொடர்பில் கிழக்கு மாகாண ஆளுநர் அனுரதா யஹம்பத் இன்று (22) புதன்கிழமை விசேட அறிக்கையொன்றை வெளியிட்டுள்ளார். குறித்த அறிக்கையில் மேலும் தெரிவிக்கப்பட்டுள்ளதாவது,

"கொவிட்-19 எனும் நோய் அல்லது கொரோனா வைரஸ் பரவுவதைக் குறைக்க தனிமைப்படுத்தப்பட்ட மையமாகப் பயன்படுத்தப்படுகின்ற பூனானை தனிமைப்படுத்தல் மையம் இராணுவத்தால் மிகவும் மதிப்பிடப்பட்டது என்பது இரகசியமல்ல.

அதே சமயம், இந்த வைரஸுக்கு சிகிச்சையளிக்க மட்டக்களப்பு போதனா வைத்தியசாலையினை அரசாங்கம் ஏற்பாடு செய்திருந்தது. அந்த நேரத்தில் விழிப்புணர்வு இல்லாததால், இந்த தீர்மானத்திற்கு கடுமையான எதிர்ப்பு காணப்ட்டது.

மட்டக்களப்பில் முதன் முதலில் கொரோனா வைரஸ் பாதிக்கப்பட்டவர் அடையாளம் காணப்பட்டதை அடுத்து குறித்த நபருக்கு மட்டக்களப்பு வைத்தியசாலையில் சிகிச்சை வழங்கப்பட்ட போதே அதன் மதிப்பை அப்பகுதியில் உணர்ந்தனர். பின்னர் குறித்த நோயாளி ஐ.டி.எச் வைத்தியசாலைக்கு மாற்றப்பட்டார்.

இச்சமயத்தில், மட்டக்களப்பு வைத்தியசாலையில் ஏனைய நோயாளிகளுக்கான சிகிச்சைகள் இடம்பெற்று வருகிறது, எந்தவொரு சந்தர்ப்பத்திலும் குறித்த நோயாளிகள் தடுக்கவில்லை.

இவ்வாறான நிலையிலேயே கொவிட் - 19 நோயால் பாதிக்கப்பட்ட நோயாளிகளுக்கு சிகிச்சை அளிக்கும் நிலையமாக காத்தான்குடி தள வைத்தியசாலையினை அடையாளம் கண்டோம்.

கடந்த திங்கட்கிழமை (20) நிலவரப்படி, 24 கொவிட் - 19 நோயாளிகள் காத்தான் குடி வைத்தியசாலையில் அனுமதிக்கப்பட்டுள்ளனர். இந்த வைரஸால் பாதிக்கப்பட்ட நோயாளிகளை காத்தான்குடி வைத்தியசாலைக்கு அழைத்து வந்ததற்காக, குறித்த வைத்தியசாலை தற்போது கடுமையாக விமர்சிக்கப்படுகின்றது.

மட்டக்களப்பு போதனா வைத்தியசாலை தவிர, மாவட்டத்திலுள்ள ஏனைய வைத்தியசாலைகளை விட காத்தான்குடி வைத்தியசாலையின் அவசர சிகிச்சை பிரிவு மேம்பட்டது என்று அந்த நேரத்தில் எனக்குத் தெரிவிக்கப்பட்டது.

கொவிட் -19 வைரஸ் நோயாளிகளுக்கு சிகிச்சையளிக்க காத்தான்குடி மருத்துவமனையில் தேவையான அனைத்து வசதிகளும் சுகாதார அமைச்சு மற்றும் கொவிட் -19 பணிக்குழுவின் தொற்றுநோயியல் பிரிவின் மேற்பார்வையின் கீழ் வழங்கப்பட்டுள்ளதாக மாகாண சுகாதார பணிப்பாளர் எனக்கு தெரிவித்தார்.

இதனை அடுத்தே காத்தான் குடி வைத்தியசாலை கொரோனாவிற்கு சிகிச்சை வழங்கும் நிலையமாக மாற்றப்பட்டது. கழிவு மேலாண்மைக்கான ஒரு சிறப்பு திட்டம், எரிப்பு இயந்திரத்தை சரிசெய்ய சிறப்பு பணம், கர்ப்பிணிப் பெண்களுக்கு கூடுதல் சிகிச்சை, கூடுதல் அம்பியுலன்ஸ், சிறுநீரக அலகு தனிமைப்படுத்துதல், மனநல பிரிவை தனிமைப்படுத்துதல், ஊழியர்கள் சிறப்பு பயிற்சி அளித்தல், நோயாளிகளுக்கு தனி உணவைக் கொண்டுவருதல் உள்ளிட்ட பல செயற்பாடுகள் தற்போது காத்தான்குடி வைத்தியசாலையில் முன்னெடுக்கப்பட்டுள்ளமை குறிப்பிடத்தக்கது.

முதலாவது கொவிட்ட - 19 நோயாளி நாட்டில் அடையாளம் காணப்பட்டு ஒரு மாதத்திற்கு மேலாகிவிட்டது. இந்த தொற்று நோயினை குறைக்க பொதுமக்களுக்கு எந்தவித சிரமும் ஏற்படாது அரசாங்கம் பல்வேறு முயற்சிகளை மேற்கொண்டு வருகிறது,

உலக சுகாதார அமைப்பும் இதைப் பாராட்டியுள்ளது. இந்த வைரஸைக கட்டுப்படுத்துவதற்காக அரசாங்கம் முன்னெடுத்துள்ள செயற்திட்டங்கள் உலகின் பல நாடுகளினால் அங்கீகரிக்கப்பட்டுள்ளது என்பதை நான் கூறி நீங்கள் அறிய வேண்டியதில்லை. இத்தகைய கடினமான சூழ்நிலையில், நாம் அனைவரும் ஒரு நாட்டின் குடிமக்களாக இருக்க வேண்டும்.

அத்துடன் அரசாங்கத்தால் செயற்படுத்தப்படும் இந்த திட்டத்தை ஆதரிக்க, எந்தவித நிகழ்ச்சி நிரலுமின்றி ஒரு தேசமாக நாம் அனைவரும் இணைய வேண்டும்" என்றார்.

කාත්තන්කුඩි රෝහල කොරෝනා වෛරසය වැළදුණු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා යොදා ගැනීමට එරෙහිව සිදු කරන විරෝධතා පදනම් විරහිත බව නැගෙනහිර පළත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඇය මේ බව කියා සිටියාය. ආණ්ඩුකාරවරිය නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සදහන් වේ.

“COVID - 19 හෙවත් කොරෝනා වෛරසය ව්‍යාප්තිය අවම කිරීම සඳහා නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කළ පූනානි නිරෝධායන මධ්‍යස්ථානය යුද හමුදාව ඉතා අනර්ඝ වත් ලෙස පවත්වාගෙන යන අතර ඔවුන් එම කටයුතු පවත්වාගෙන යාම පිළිබඳව බොහෝ දෙනාගේ පැසසුමට ද ලක්වූ බව නොරහසකි.

ඒ අතරම මඩකලපුව රෝහල ද මෙම වෛරසයට ගොදුරුවූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා රජය විසින් සූදානම් කළේය. ඒ අවස්ථාවේ ඇතිවූ අනවබෝධය හේතුවෙන් ඊට එල්ල වූයේ දැඩි විරෝධයකි. මෙම වෛරසයට ගොදුරු වූ පළමු රෝගියා මඩකළපුවෙන් වාර්තා වූ පසු මඩකලපුව රෝහල COVID - 19 ප්‍රතිකාර සදහා යොදා ගැනීමේ අගය ප්‍රදේශවාසීන්ට වැටහිණි. පසුව එම රෝගියා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ I.D.H. රෝහල කරා යොමු කෙරිණි

උද්ඝෝෂණය සිදුකළ අයට මෙහි බැරෑරුම්කම වැටහී ගියේ ඉන් අනතුරුව වන අතර ඇතිවූ අනවබෝධය ද ඔවුන්ට මනාව වැටහී ගිය බව මගේ හැඟීමයි. තත්ත්වය එසේ තිබුනද මඩකලපුව රෝහලේ වෙනත් රෝගීන් සඳහා සිදුකරන සායන අඛණ්ඩව පවත්වාගෙන යාමට පියවර ගෙන තිබු අතර කිසිදු අවස්ථාවක එම සායන නතර නොවිනි.

මේ අතර අප කාත්තන්කුඩි රෝහල ද COVID - 19 හෙවත් කොරෝනා වෛරසයට ගොදුරු වන  රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා සුදුසු බවට හඳුනාගෙන තිබුණි. ඒ අනුව සඳුදා දිනය වනවිට කාත්තන්කුඩි රෝහලට එම වෛරසය වැළඳුන රෝගීන් 24 දෙනකු ඇතුළත් කළහ.

කාත්තන්කුඩි රෝහලට ද මෙම වෛරසය වැළඳුණු රෝගීන් රැගෙන ඒම පිළිබඳව දැඩි විරෝධයක් එල්ල වීමට පටන් ගෙන තිබේ ඒ අවස්ථාවේ පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක වරයා මගින් කාත්තන්කුඩි ජනතාව තුළින් මතු වූ මෙම විරෝධයට හේතුවු කරුණු වල සත්‍ය අසත්‍යතාවය ගැන මවිසින් කරුණු සොයා බැලීය.

එහිදී මා හට දැන ගැනීමට ලැබුණේ මඩකලපුව රෝහල හැරුණු විට දැඩි සත්කාර සහ හදිසි ප්‍රතිකාර ඒකකය වඩා දියුණුව ඇත්තේ කත්තන්කුඩි රෝහලේ බවය මෙම COVID - 19 වෛරසය වැලඳුණු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා කත්තන්කුඩි රෝහලේ අවශ්‍ය සියලු පහසුකම් COVID - 19 කාර්ය සාධක බලකාය සෞඛ්‍ය අමාත්‍යාංශය සහ වසංගත රෝග විද්‍යා ඒකකයේ අධික්ෂණය යටතේ ලබාදීමට කටයුතු කර ඇති බවද පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා මා වෙත දැන්වීය.

ඒ අනුව මෙම විරෝධතාවන් වල ප්‍රතිඵල ලෙස අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා විශේෂ වැඩපිළිවෙළක්, දහන යන්ත්‍රය අලුත්වැඩියා කිරීම සඳහා විශේෂ මුදල් වෙන් කිරීමක්, ගර්භණී කාන්තාවන් සඳහා අවශ්‍ය වැඩිදුර ප්‍රතිකාරයන් ලබා ගැනීම සඳහා අතිරේක ගිලන් රථයක්, වකුගඩු ඒකකය හුදෙකලා කිරීම, මනෝ චිකිත්සක ඒකකය හුදෙකලා කිරීම, කාර්ය මණ්ඩලය සඳහා විශේෂ පුහුණුවක් ලබා දීම, ඔවුන් සදහා වෙනම ආහාර වේලක් පිටතින් රැගෙන ඒම ඇතුළු විශාල පියවරයන් රැසක් ක්‍රියාත්මක කර තිබීම විශේෂත්වයකි. ලෝකය පුරා පැතිර යන්නේ පාලනය කරගත නොහැකි අයුරින් බව මනාව පිළිබිඹු වන්නකි.

අද වෙනවිට මෙරටින් වාර්තා වූ COVID - 19  වැළඳුණු රෝගියා හමුවී මාසයකට අධික කාලයක් ගතවී තිබේ. එබැවින් රජයක් ලෙස මෙම වසංගතය නිසා ඇතිවන පීඩාවන් අවම කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග මනා සුපරීක්ෂාකාරීව සහ මනා අවබෝධයෙන් යුතුව ජනතාවට අබ මල් රේණුවක තරම් වත් අපහසුතාවයට පත් නොවන අයුරින් ගැනීමට රජය හැකි සෑම උත්සාහයක්ම යොදමින් තිබේ.එය ලෝක සෞඛ්‍ය සංවිධානය ද අගය කර ඇති අතර අපි මෙම වෛරසයට ගොදුරු වීම පාලනය කිරීම අතින් ලෝකයේ බොහෝ රටවල් අතරින් අප රට ඇගයීමකට පත්ව ඇති බවද මා අමුතුවෙන් කිව යුතු නැත.

නමුත් රටක් වශයෙන් පුරවැසියන් වශයෙන්, රජය ගෙන යන මෙම වැඩපිළිවෙළට සහයෝගය දීම යුගයේ අවශ්‍යතාවයැයි මා තරයේ විශ්වාස කරමි. තත්වය එසේ වුවත් අපේ රටේ කොයි මොහොතක කොතනක මෙම රෝගීන් බිහි වේදැයි අප නොදන්නෙමු.

එම නිසා අපේම ජනතාව වෙනුවෙන් ඔවුන්ව ආරක්ෂා කරගැනීම වෙනුවෙන් කාත්තන්කුඩි රෝහල භාවිතා කිරීම අනවශ්‍ය ලෙස හුවා දැක්විය යුතු කරුණක් නොවේ. මෙවන් අසීරු අවස්ථාවක අප සියලු ජාතීන් එකම රටක ජීවත්වන පුරවැසියන් ලෙස මනා සහයෝගයෙන්, සහජීවනයෙන් සහ විනයානුකූලව මේ මොහොතේ රට වෙනුවෙන් කැප විය යුතුයි. මෙම රෝගය අප රටින් තුරන් කිරීම සඳහා ශ්‍රී ලාංකීය පුරවැසියන් ලෙස එකට එක්ව ලෝකයටම ආදර්ශයක් වෙමු.”